Ear piercing fashion sri lanka ශ්‍රී ලංකවේ කරාබු විලාසිතා/ කන් විදීමේ විලාසිතාවන්.

අලුත් ලෝකය සමග බද්ධ වන අපෙ ලංකාවට නිරතුරුවම නව විලාසිතා පැමිනේ. ලංකාවේ ගෑනු ලමයි එක කනකට කරාබු දෙකක් හෝ වැඩි ගනනක් දැමීම ජනප්‍රිය වී ඇත. කන ස්නථාන දෙකකින් විද කරාබු දැමීම සිදු කරයි. මෙය ගැහැනු ලමයෙකුට අමුතුම සුන්දර බවක් ගෙන දෙයි.

ලංකාවේ බොහෝ නාගරික ප්‍ර‍රෙදේශ වල මෙය ව්‍යාප්තව ඇත. ගම් වල තරුණියන් අතර මෙය තරමක් දු‍රට දැකිය හැකිය. නගරයේ නම් කන් විදීම්ට රූපලවන්‍යාගාර පිහිටියද ගම්බදව මෙය දැකිය නොහැක.
කන් විදීම සඳහා රූපලාවන්‍යාගාර වල piercing gun නැමති උපකරනය භාවිතා කරයි. එසේම මැදින් සිදුරක් ඇති ඉදිකටු ද භාවිතා කරයි. මෙම ඉදිකටුවෙන් කන විද එම ඉදිකටුවේ මැද සිදුර තුලින් කරාබුව දමා ඉදිකටුව ඉවත් කරනු ලබයි.
නාගරික නොවූ ප්‍රෙදේශ වල රූපලාවන්‍යාගාර නොමැති බැවින් කන් විදීම කරාබුවෙන් ම සිදුකල හැක.
රත්තරන් කරාබුවක් ලංකාවේ ඕනෑම රත්තරන් කඩයකින් කන් විදීමට හැකි පරිදි අගින් තුඩක් ආකාරයට උල් කර ගත හැකිය. මේ සඳහා බොහෝවිට මුදල් අය නොකරයි. බොහෝ දෙනෙක් කන් විදින්නේ මෙම ක්‍රමය භවිත‍යෙනි. පහත රූපසටහනෙන් එවැනි උල් කරන ලද කරාබු දෙකක් දැක්වේ.

දෙවන වර කන් විදීම කොතරම් ජනප්‍රියද යත් වයස අවුරුදු 15 පමන සිට මෙම විලාසිතාව අනුගමනය කරනු දක්නට ලැබේ.

මෙම පෝස්ට් එක ලිවීමට පෙර මා බොහොමයක් ගැහැනු ලමුන් හමුවී තොරතුරු ලබා ගත් අතර කන් විදීම කිසිම වේදනාවක් නොදැනෙන බව සහ ඉතා සුලු වේදනාවක් පමනක් දැනෙන බව දැන ගතිමි.

එසේම සති දෙකකින් පමණ කරාබුව මාරු කිරීමට හැකි පරිදි විද්ද තැන (piercing hole) සකස්වීමක් සිදු වේ.

කරාබුවක් දැම්ම අලුත ඒ තුලට විශබීජ නොයන පරිදි ආරක්ශා කරගත යුතුයි.

image

විශේශයෙන් සඳහන් කල යුතු වන්නේ කන් විදීමේදී ජීවානුහරිත තත්ව යොදාගැනීම වැදගත් බවයි. එසේම ඔබට කරබු දැමීම ලංකාවේ ඕනම රත්තරං බඩු සාප්පුවකින් ඉතා ආරක්ෂිතව කර ගත හැක ඔබ කුමන වයසක උනත් මෙ විලාසිතාවට ආසනම් කරලා බලන්නකෝ.

ඔබේ අදහස් කමෙන්ට් එකකින් දැක්වීමට කාරුණික වන්න

This entry was posted in Uncategorized and tagged , . Bookmark the permalink.

1 Response to Ear piercing fashion sri lanka ශ්‍රී ලංකවේ කරාබු විලාසිතා/ කන් විදීමේ විලාසිතාවන්.

  1. lakshitha says:

    මාත් දැම්මෝ.

Leave a comment