ලංකාවේ කෙල්ලෝ කරාබු දාන්න බය ඇයි?

ප්‍රධාන වශයෙන් ම ලංකාවේ තියෙන ගෝත්‍රික ආකල්ප. මේකට හොඳම උදාහරණය තමයි මගේ යාලුවෙක් ඉස්කෝලෙන් අවුට් වුන ගමන් කන විදලා අමතර කරාබු දෙකක් දැම්මා. ඊට පස්සේ එයා කොල්ලෙක් එක්ක යාලු උනා. ඒ කොල්ලා ඒකට කැමතියි. ඒත් ඒ කොල්ලගෙ ගෙදර අය කෙල්ල කරාබු දෙකක් දානවට කැමති නෑ. මේ ගෙදර අය තාමත් හිතන්නේ ගෝත්‍රික විදිහට. අන්න ඒකයි වැරැද්ද.

සමාජෙ ඉන්න හත්පොලේ ගාගත්ත අය ගෙ මතයම ඉදිරියට යනවා මිසක් අලුත් විලාසිතා වලට ඉස්සරහට එන්න ඉඩ දෙන්නේ නෑ.

ඒකට හේතුව තමයි කුහකකම. ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ ජාන උපතින් ම හැඩ ගැහිලා තියෙන්නේ කෙන්ක් ගෙ දෙයක් හොයලා ඒක විවේචනය කරන්න.

ලංකාවෙ ගොඩක් ගෑනු ලමයි කැමතියි අමතරව කරාබු දෙකක් දාන්න, විලාසිතා කරන්න ඒත් සමාජෙ ඉන්න මෝඩ මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ. මොකද ඒ අයට කෙල්ල අහවල් වැඩේ කරගෙන ආවත් කමක් නෑ. කරාබු දාලා විලාසිතා කරනවා නම් ඒක පේන්න බෑ.

කෙල්ලන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. සමාජෙ කියන්නේ හරියහ අසූචි ගොඩක්. ඒක ගොඩගන්න අපිට බෑ. තමන් ආස විලාසිතා තමන් කරන්න. අනුන්ගේ කථා අහන්න එපා. තමන් කරන්නේ හරි දේ නම් අනුන්ගෙන් වැඩක් නෑ. එහෙම නොවුනොත් වයසට ගිහින් ඕවා කරන්න නෙවෙයි නෙ. දැම් විලාසිතා නොකරොත් වයසට ගිහිල්ලා දවසක දුක් වෙන්න වෙයි මේ දේ මට බැරි වුනා කියලා.

තමන් නෙලුමක් වෙන්න. සමාජයේ හැදුනට කමක් නෑ ඒකෙන් ඉහල තැනක ඉන්න. ඒ කියන්නේ නෙලුම මඩේ හැදිලා මඩෙන් ඉහලට එසවිලා මඩේ නොගෑවී තියෙනවා වගේ.

Posted in Uncategorized | Leave a comment

කරාබු ගැන මිත්‍යා මත බැහැර කරමු

ගැහැනු ලමයෙකුගේ ජීවිතයත් එක්ක බැඳුන ආභරණයක් තමයි කරාබුව කියන්නේ. ලංකාවේ ඔලමොට්ටල සමහරක් ඒකත් විවේචනය කරනවා.

කරාබු දෙකක් හෝ වැඩි ගනනක් දැමීම සාමාන්‍ය දෙයක් වුවත් ලංකාවේ නොදියුනු පලාත් වල ඒක නරක දෙයක් විදිහට තාමත් අර්ථකථනය කරනවා. ඒක වැරදි මතයක්.

කන ස්ථාන දෙකකින් විදලා කරාබු දාන එක ගෑනු ලමයෙකුට අමුතුම ලස්සනක් සුන්දර බවක් ගෙනදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතින් ඒක විවේචයන කරන අය තාමත් කොල අතු අඳින අමුඩය ගහන ගල් යුගයේ පිරිසක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

වැදගත් පවුල් වල තමන්ගේ වැදගත් භාවය ලොවට පෙන්වන්නත් මෙහෙම කන ස්ථාන දෙකකින් විදලා කරාබු දැමීම සිදු කරනවා. ඒ වගේම තමන්ගේ අනන්‍යතාවය පෙන්වීමටත් මේක කරනවා. ඒ වගේම තම සුන්දරත්වය ලොවට පෙන්වන එක් ක්‍රමයක් තමයි මේක.

සමහර ගෑනු ලමයි ලෝකෙට බයේ සමාජෙට බයේ තමන් කැමති වුනත් තව කරාබුවක් නොදා ඉන්නවා. ගල් යුගයේ වගේ ජීවත් වෙන්න බලනවා. තමන්ගේ ශරීරය අයිති තමන්ට, තමන්ට ඕන විදිහට ලස්ස්නට ඉන්න එක තමන්ගේ වැඩක්. අනුන්ට ඒකට බලපෑම් කරන්න කාට වත් බෑ.

මේවා විවේචනය කරන අයට කියන්න තියෙන්නේ තමන් විවේචනය කරන්න කලින් හිතලා බලන්න, ලංකාව ආයෙත් ගල් යුගයට ගෙනියනවාද, නැතිනම් ලෝකෙ ඉහලම තැනට ගෙනියනවාද කියලා.

ඉංදියාව, නේපාලය , මාලි, හා දකුණු ඇමරිකානු රටවල් වල පොඩි කාලෙම ගැහැනු ලමයෙකුගේ කන ස්ථාන දෙකකින් අනිවර්යෙන් විදිනු ලබනවා. ඒකට හෙව්තුව වාසනාවන්ත දරු උපතක් ඒ මගින් ලැබෙන බවට පවතින විශ්වාසයි. සමීක්ශණ මගිනුත් ඒක ඔප්පු කරලා තියෙනවා.

කන ස්ථාන දෙකකින් හෝ වැඩි ගනනකින් විදලා තියෙන ගෑනු ලමයෙකුට ලැබෙන දරුවෙකු එසේ නොවන ගැහැනු කමයෙකුට වඩා සීයට 97ක් නිරෝගී බව ඔප්පු කරලත් තියෙනවා.

මේ ගැන වාර්ථා ඕන තරම් අන්තර්ජාලයේ හොයාගන්නත් පුලුවන්.

සමාජයේ දුර්මථ, මිත්‍යා වලට රැවටෙන්නේ නැතුව ඔබේ දියණියට, පෙම්වතියට, බිරිඳට මෙම විලාසිතාවට ඉඩ ලබා දෙන්න. එය ඔබ සියලු දෙනාගේම ජීවිත වලට වටිනාකමක් එකතු කරාවි

Posted in Uncategorized | Leave a comment

Whitening cream එකක් තෝරාගැනීමේදී සොයා බැලිය යුතු කරුණු

ලංකාවේ ගොඩක් ගෑනු ලමයි මූණ සුදු කරගන්න එක එක ක්‍රීම් වර්ග ආලේප කරනවා. රෑට දවල්ට උදේට මේවා ගානවා. ඒත් මේවගෙන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් බව ඔබ මොහොතකටවත් හිතුවද?

මේ සුදු වෙන ක්‍රීම් වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ බ්ලීචින් ඊට අමතරව රසදිය. රසදිය අඩංගු ක්‍රීම් දිගින් දිගටම භාවිතය නිසා මධ්‍ය ස්නායු පද්ධතියට හානි වෙනවා. ඒ වගේම රසදිය පිලිකා කාරකයක් වෙන්නත් පුලුවන්.

Bbc සේවය සිදුකල වාර්ථා වැඩසටහනකින් ගෝල්ඩන් පර්ල් වැනි කොහෙන් ආවද නොදන්නා ක්‍රීම් වර්ග වල නියමිත අගයට වඩා විශාල ගුණයක් රසදිය තිබෙන බව පෙන්වාදී තිබෙනවා. 

හරිහැටි ලංකාවේ නියෝජිතයෙක් නැති, වෙබ් සයිට් එකක් වත් නැති නිශ්පාදකයින්ගේ ක්‍රීම් වර්ග ගාන්න එපා. ඔබට එවැනි ක්‍රීම් වර්ගයක් හමු වුවහොත් ඒක ගැන අන්තර්ජාලයේ සොයා බලන්න. ඒ වගේම ලංකාවෙ ලියාපදිංචි ද කියලත් හොයලා බලන්න. 

ආවට ගියාට ක්‍රීම් පාවිච්චි කරලා අමාරුවෙ වැටෙන්න ඕන නැහැ නෙ. පුලුවන් හැම විටම ලංකාවෙ ප්‍රමිතීන්ට අනුව හදන ක්‍රීම් වර්ගයක් ම භාවිතා කරන්න.

Posted in Uncategorized | Leave a comment

 එක කනකට කරාබු දෙකක් බැගින් හතරක් දැමීමේ වාසි

වාසනාව උදා කරණ එක කනකට කරාබු දෙකක් බැගින් හතරක් දැමීම

ලංකාවේ ගෑනු ලමයි අතර ගොඩක් ප්‍රසිද්ද විලාසිතාවක් තමයි මේ කරාබු හතරක් දාන එක. හැබැයි මේකෙන් තමන්ගේ ජීවිතයට වාසනාව උදාවෙන බව නම් ඔබ නොදැන ඉන්න ඇති. ඉංදියාවෙ කර්ණාටක ගුජරාට් ගෝව වැනි පලාත් වල සාමන්‍යෙන් ගැහැණු දරුවෙකු අවුරුදු පහ පමණ වන විට කන දෙවෙනි වතාවට විදිනු ලබයි. මේ මගින් එම දරුවාගේ මොලය වර්ධනව වන බව හා ගොඩක් නිරෝගී දරුවෙකු බිහිවන බව පැවසෙයි. එසේම තමන්ගේ විවහ ජීවිතය ඉතා සාර්ථක වීමට මෙය හේතුවක් වන අතර තමන්ට ඉපදෙන ලමයි නිරෝගී වෙයි.

ඒ වගේම මේ කන් පෙත්ත දෙවනුව සිදුරු කරන තැන නිල පෙදෙස් මොලය හා සම්බන්ද බැවින් ඔවුන්ගේ බුද්ධිය ද අනිත් අයට සාපේක්ෂව ඉහල මට්ටමක පවතී.

ලංකාවෙ නම් එක එක බාදාවන් නිසා වයස 5 පමණ වන විට දෙවෙනි වර කන විදින්න බැරි වෙන්න පුලුවන්. නමුත් වයස 16න් හෝ 18න් පසුව එය සිදු කරගත හැකිය.

මෙලෙස කරාබු පැලදූ විට වෙනදා නොදුටු ලස්සනක් දිස් වන අතර මනා පෞරුෂයක් ඉස්මතු වී පෙනෙයි. 

මෙම සිදුරටම ඇතැම් ගල් වර්ග ඇල්ලූ කරාබු පැලදීමෙන් ග්‍රහ අපල ද දුරුකරගත හැකිය. එසේම මෙසේ කන් විද රත්තරක් කරාබු ජෝඩු දෙකක් දැමූ විට එවැනි අයට අමනුශ්‍ය බැල්ම නොවැටෙන බවද සඳහන්. 

එසේම කරාබු ජෝඩු දෙකක් පලඳින අය අන් අයට වඩා දිනෙන් දිනම සම පැහැපත් වී ලස්සන වී තිබෙන අයුරු ඔබත් අත් දැක ඇතුවාට සැකයක් නොමැත. 

මෙහි තවත් විශාල ප්‍රෙයෝජන රාශියක් ඇති අතර ඒවා තවත් ලිපියකින් දක්වමු.
ඔබේ අදහස කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

Image credits gose to their respective owners 

Posted in fashion | Tagged , , , , | Leave a comment

පෙම්වතුන් සම්බන්දයෙන් ලංකාවේ නීතිය (උපුටා ගැනීම hiru tv)

ලැගුම්හල් හා පෙම්වතුන් පිලිබඳ ලංකාවේ නීතිය:

ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නාවිවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාවකුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.

ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාසපනත යටතේ ලැගුම්හල්වලසිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහාක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාවලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවකරැගෙන ගොස් ඇය සමඟලිංගිකකාර්යයේ යෙදේ නම් එයට බාධාකිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිවහලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකානව නීති වාර්තා, පිටු අංක29) මේ බව දක්වා ඇත.

යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟරැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනාඑල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟනොසිටින බවපෙනී යන්නේ නම් කාමරලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වාඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හාවාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්දසිටින බවසත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.

යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයකරැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවකචෝදනාගොනු කළහැක්කේ අනන්‍යතාවයඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හලතුළ ලිංගික ක‍්‍රියාවකයෙදුණේදයන්න මෙහිදී අදාළකරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවකයෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාදකොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේදපසුව “දැඩිසේ අවවාදකොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතියහෝ ත‍්‍රස්තවාදයවැළැක්වීමේ පනත යටතේ ලිංගිකවැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළහැකි තත්වයකි.

යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලකහෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාවයටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවනඅවස්ථාවක ලබාගත්තක් වියයුතුය. අදාළකාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණයබලනොපායි.

විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණයකළයුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝඅනියම් ලිංගික සබඳතාවයක් නිසාපුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවනඅවස්ථාවකදී, අදාළකටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී,දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසාලිංගිකවරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවයසනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුදඑසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.

වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තියසොයාඅහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටිනවිට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

Posted in Uncategorized | Leave a comment

Ear piercing fashion sri lanka ශ්‍රී ලංකවේ කරාබු විලාසිතා/ කන් විදීමේ විලාසිතාවන්.

අලුත් ලෝකය සමග බද්ධ වන අපෙ ලංකාවට නිරතුරුවම නව විලාසිතා පැමිනේ. ලංකාවේ ගෑනු ලමයි එක කනකට කරාබු දෙකක් හෝ වැඩි ගනනක් දැමීම ජනප්‍රිය වී ඇත. කන ස්නථාන දෙකකින් විද කරාබු දැමීම සිදු කරයි. මෙය ගැහැනු ලමයෙකුට අමුතුම සුන්දර බවක් ගෙන දෙයි.

ලංකාවේ බොහෝ නාගරික ප්‍ර‍රෙදේශ වල මෙය ව්‍යාප්තව ඇත. ගම් වල තරුණියන් අතර මෙය තරමක් දු‍රට දැකිය හැකිය. නගරයේ නම් කන් විදීම්ට රූපලවන්‍යාගාර පිහිටියද ගම්බදව මෙය දැකිය නොහැක.
කන් විදීම සඳහා රූපලාවන්‍යාගාර වල piercing gun නැමති උපකරනය භාවිතා කරයි. එසේම මැදින් සිදුරක් ඇති ඉදිකටු ද භාවිතා කරයි. මෙම ඉදිකටුවෙන් කන විද එම ඉදිකටුවේ මැද සිදුර තුලින් කරාබුව දමා ඉදිකටුව ඉවත් කරනු ලබයි.
නාගරික නොවූ ප්‍රෙදේශ වල රූපලාවන්‍යාගාර නොමැති බැවින් කන් විදීම කරාබුවෙන් ම සිදුකල හැක.
රත්තරන් කරාබුවක් ලංකාවේ ඕනෑම රත්තරන් කඩයකින් කන් විදීමට හැකි පරිදි අගින් තුඩක් ආකාරයට උල් කර ගත හැකිය. මේ සඳහා බොහෝවිට මුදල් අය නොකරයි. බොහෝ දෙනෙක් කන් විදින්නේ මෙම ක්‍රමය භවිත‍යෙනි. පහත රූපසටහනෙන් එවැනි උල් කරන ලද කරාබු දෙකක් දැක්වේ.

දෙවන වර කන් විදීම කොතරම් ජනප්‍රියද යත් වයස අවුරුදු 15 පමන සිට මෙම විලාසිතාව අනුගමනය කරනු දක්නට ලැබේ.

මෙම පෝස්ට් එක ලිවීමට පෙර මා බොහොමයක් ගැහැනු ලමුන් හමුවී තොරතුරු ලබා ගත් අතර කන් විදීම කිසිම වේදනාවක් නොදැනෙන බව සහ ඉතා සුලු වේදනාවක් පමනක් දැනෙන බව දැන ගතිමි.

එසේම සති දෙකකින් පමණ කරාබුව මාරු කිරීමට හැකි පරිදි විද්ද තැන (piercing hole) සකස්වීමක් සිදු වේ.

කරාබුවක් දැම්ම අලුත ඒ තුලට විශබීජ නොයන පරිදි ආරක්ශා කරගත යුතුයි.

image

විශේශයෙන් සඳහන් කල යුතු වන්නේ කන් විදීමේදී ජීවානුහරිත තත්ව යොදාගැනීම වැදගත් බවයි. එසේම ඔබට කරබු දැමීම ලංකාවේ ඕනම රත්තරං බඩු සාප්පුවකින් ඉතා ආරක්ෂිතව කර ගත හැක ඔබ කුමන වයසක උනත් මෙ විලාසිතාවට ආසනම් කරලා බලන්නකෝ.

ඔබේ අදහස් කමෙන්ට් එකකින් දැක්වීමට කාරුණික වන්න

Posted in Uncategorized | Tagged , | 1 Comment

ආයුර්වේද ශාකයක් වන සේරු

මෙය බෙහෙත් ගසකි. මේවා පදුරු ලෙස වැඩෙයි. දමුනු ගසේ කොලයට සමාන වේ. මේවා අතින් පොඩිකල විට සුවඳක් වහනය වේ. මෙහි පත්‍ර ඕනම කැපුම් තුවාලයක් සුව කිරීමට භාවිතා කල හැක.

Posted in Uncategorized | Leave a comment