ප්රධාන වශයෙන් ම ලංකාවේ තියෙන ගෝත්රික ආකල්ප. මේකට හොඳම උදාහරණය තමයි මගේ යාලුවෙක් ඉස්කෝලෙන් අවුට් වුන ගමන් කන විදලා අමතර කරාබු දෙකක් දැම්මා. ඊට පස්සේ එයා කොල්ලෙක් එක්ක යාලු උනා. ඒ කොල්ලා ඒකට කැමතියි. ඒත් ඒ කොල්ලගෙ ගෙදර අය කෙල්ල කරාබු දෙකක් දානවට කැමති නෑ. මේ ගෙදර අය තාමත් හිතන්නේ ගෝත්රික විදිහට. අන්න ඒකයි වැරැද්ද.
සමාජෙ ඉන්න හත්පොලේ ගාගත්ත අය ගෙ මතයම ඉදිරියට යනවා මිසක් අලුත් විලාසිතා වලට ඉස්සරහට එන්න ඉඩ දෙන්නේ නෑ.
ඒකට හේතුව තමයි කුහකකම. ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ ජාන උපතින් ම හැඩ ගැහිලා තියෙන්නේ කෙන්ක් ගෙ දෙයක් හොයලා ඒක විවේචනය කරන්න.
ලංකාවෙ ගොඩක් ගෑනු ලමයි කැමතියි අමතරව කරාබු දෙකක් දාන්න, විලාසිතා කරන්න ඒත් සමාජෙ ඉන්න මෝඩ මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ. මොකද ඒ අයට කෙල්ල අහවල් වැඩේ කරගෙන ආවත් කමක් නෑ. කරාබු දාලා විලාසිතා කරනවා නම් ඒක පේන්න බෑ.
කෙල්ලන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. සමාජෙ කියන්නේ හරියහ අසූචි ගොඩක්. ඒක ගොඩගන්න අපිට බෑ. තමන් ආස විලාසිතා තමන් කරන්න. අනුන්ගේ කථා අහන්න එපා. තමන් කරන්නේ හරි දේ නම් අනුන්ගෙන් වැඩක් නෑ. එහෙම නොවුනොත් වයසට ගිහින් ඕවා කරන්න නෙවෙයි නෙ. දැම් විලාසිතා නොකරොත් වයසට ගිහිල්ලා දවසක දුක් වෙන්න වෙයි මේ දේ මට බැරි වුනා කියලා.
තමන් නෙලුමක් වෙන්න. සමාජයේ හැදුනට කමක් නෑ ඒකෙන් ඉහල තැනක ඉන්න. ඒ කියන්නේ නෙලුම මඩේ හැදිලා මඩෙන් ඉහලට එසවිලා මඩේ නොගෑවී තියෙනවා වගේ.